Become a Regular Member

Mahamevnawa Buddhist Monastery of Adelaide was established in 2015 with the noble purpose of sharing the pure teachings of Gautama Supreme Buddha with the community in Adelaide. The monastery conducts a wide range of spiritual, educational and community programs, including meditation and sil programs, children’s Dhamma School and Sinhala School, weekly Dhamma talks, Vesak and Poson programs, Vassana meritorious events, sutta chanting, pirith chanting, Sathbudu Vandana, sacred relic veneration and monthly Bodhi Vandana programs. In addition, the monastery supports community service activities such as blood donation programs, tree planting and environmental clean-up projects, dansal programs and charitable support for those in need.

Your annual or regular contribution helps us continue these services without interruption. Donations are used to support essential monastery expenses, including water, electricity and telephone bills, support for resident monks, health insurance, property and building maintenance, insurance premiums and other ongoing operating costs.

This is a meritorious contribution to help sustain the monastery and its free spiritual, educational and community services for present and future generations.

ඇඩිලේඩ් මහමෙව්නාව අසපුව 2015 දී පිහිටුවන ලද්දේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ශ්‍රී සද්ධර්මය ඇඩිලේඩ් නුවර වෙසෙන සැදැහැවතුන්ට බෙදාදීමේ උදාර අරමුණින්ය. අප අසපුව මඟින් සීල භාවනා වැඩසටහන්, ළමුන් සඳහා දහම් පාසල සහ සිංහල පාසල, සතිපතා ධර්ම දේශනා, වෙසක් සහ පොසොන් වැනි විශේෂ පොහොය දින වැඩසටහන්, වස්සාන පින්කම්, සූත්‍ර සජ්ඣායනා, පිරිත් දේශනා, සත්බුදු වන්දනා, ධාතු වන්දනා සහ මාසික බෝධි වන්දනා වැනි විවිධ ආගමික වැඩසටහන් පවත්වනු ලැබේ. මීට අමතරව ලේ දන්දීමේ වැඩසටහන්, රුක් රෝපණ සහ පරිසර පිරිසිදු කිරීමේ ව්‍යාපෘති, දන්සල් සහ අසරණ සරණ සේවා වැඩසටහන් ද සංවිධානය කරනු ලැබේ.

ඔබ ලබාදෙන වාර්ෂික හෝ නිතිපතා දායකත්වය, මෙම සියලු සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට මහත් උපකාරයක් වේ. ඔබගේ දායකත්ව මුදල් අසපුවේ ජල, විදුලි සහ දුරකථන බිල්පත්, වැඩවසන ස්වාමීන් වහන්සේලාගේ අවශ්‍යතා, සෞඛ්‍ය රක්ෂණ, අසපු භූමිය හා ගොඩනැගිලි නඩත්තුව, රක්ෂණ වාරික සහ අනෙකුත් අත්‍යවශ්‍ය පවත්වාගෙන යාමේ වියදම් සඳහා යෙදවේ.

මෙය අසපුව සහ එහි නොමිලේ සපයන ධර්ම, අධ්‍යාපනික සහ ප්‍රජා සේවාවන් තිරසාරව පවත්වාගෙන යාමට කරන පුණ්‍ය දායකත්වයකි

If you would like to become a member, please click below and complete the registration process